Friday, June 1, 2012

සිත්ගන්නාසුළු පස් සුළු ගැටළු

1 . තිත් නවයේ ගැටළුව

තිත් නවයේ ගැටළුවනීති රීති :- සෘජු සරල රේඛා හතරක් පමණක් යොදාගෙන සියළුම තිත් හරහා ගමන්කළ යුතුය. එක රේඛාවක් අවසන්කළ ස්ථානයෙන් ඊළඟ රේඛාව ආරම්භ කල යුතුය. (ඉඟිය :- ඔබ අඳින කිසිදු රේඛාවක් ආරම්භවන හෝ වසන්වන ස්ථානය තිත් නවයෙන් එකක් වීම අනිවාර්යය නොවේ.)

පළමුවන ගැටළුව - වැරදි අවස්ථා

 

2 . පාද ඡේදන ගැටළුව

පාද ඡේදන ගැටළුව රූපයේ ඇති සියළුම පාද එක වරක් පමණක් ඡේදනය වන පරිදි තනි නැමි රේඛාවක් එකවර ඇඳිය හැකිද ?

 

 

 

දෙවන ගැටළුව - වැරදි අවස්ථා

 

3. දිශා ගැටළුව

දිශා ගැටළුව ඉදිරියට ඇදෙන බසය ගමන්කරන්නේ වමටද ? දකුණටද ?

 

 

 

 

 

4. අඹ ගැටළුව

ද්වාර තුනක් පසුකරමින් උයනකට පිවිසි මම උයන අඹ වලින් පිරී තිබෙනු දැක ඉන් ටිකක් අහුලා ගතිමි. ඉන්පසු උයනෙන් පිටව යාමට සිතා මා අන්තිමට පසුකළ ද්වාරය අසලට පැමිණ එහි දොරටුපාලකයාට මා විසින් අහුලාගත් අඹ වලින් හරි අඩක් දුන්නෙමි. ඔහු මට අඹ ගෙඩියකින් හරි අඩක් ආපිට ලබාදුනි. එම ද්වාරයෙන් පිටව ඉතිරි අඹ ටිකත් රැගෙන නැවත ගමන් ඇරඹි මම දෙවන ද්වාරය අසලදී එහි දොරටුපාලකයාටද ඒවනවිට මා සතුව පැවති අඹ වලින් හරි අඩක් දුන්නෙමි. ඔහුද මට අඹ ගෙඩියකින් හරි අඩක් ආපිට ලබාදුනි. එම ද්වාරයෙන්ද පිටව ඉතිරි අඹ ටිකත් රැගෙන නැවතත් ගමන් ඇරඹි මම තෙවන එනම් අවසාන ද්වාරය අසලට පැමිණ එහි දොරටුපාලකයාටද අවසානයට මා සතුව පැවති අඹ වලින් හරි අඩක් දුන්නෙමි. ඔහුද මට අඹ ගෙඩියකින් හරි අඩක් ආපිට ලබාදුනි. එයද රැගෙන එම ද්වාරය හරහා උයනෙන් පිටව යද්දී මා සතුවුයේ ප්‍රමාණයෙන් එක් අඹ ගෙඩියක් පමණක්ම නම් මා විසින් උයනෙන් අහුලාගන්නාලද  අඹ සංඛ්‍යාව කොපමණද ?

අඹ ගැටළුව

 

5. කොටු පුරවන ගැටළුව

කොටු පුරවන ගැටළුව රූපයේ දැක්වෙන පරදි සෑම දිශාවකටම එකතුව 15 වනසේ කොටු නවය පුරවන්න. භාවිත කළයුත්තේ 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 යන ඉලක්කම් නවය පමණි. එක් ඉලක්කමක් භාවිත කළහැක්කේ එක් වතාවක් පමණි.

 

 

 

ගැටළු පහට පිළිතුරු, විස්තරකිරීම් සමඟින් මීළඟ ලිපියෙන් බලාපොරොත්තුවන්න.

 


 

මේ මතක්කිරීම අතපසුවීමක්‌ නිවැරදිකිරීම ගැනයි

මා විසින් ගියවර ඔබ හමුවට ගෙනෙනලද ‘බොන්නට එපා කිසිවිට - තිබහට වතුර වෙනුවට’ යන මැයින් ලියැවුණු ලිපියේ එක්තරා තැනෙක, ‘මෙහි ඉදිරියෙන් දැක්වෙන පිටුවට පිවිසීමෙන් සීනි භාවිතයේ ප්‍රධානතම අහිතකර ප්‍රතිඵල දහයක් ගැන මනා වැටහීමක් ලබාගැනීමට හැකියාව ඔබට ලැබෙනු ඇත.’ යනුවෙන් සඳහන්කර තිබුණි. ඊට ඉදිරියෙන් මවිසින් කලින් ලියනලද ‘ඇතුවත් බැරි නැතුවත් බැරි' යන ලිපියේ තිරසටහනක් එනම් පින්තූරයක්ද දක්වා තිබිණි. නමුත් අතපසුවීමකින් එම පින්තූරයට, අදාල ලිපියේ එනම් ‘ඇතුවත් බැරි නැතුවත් බැරි' යන ලිපියේ සම්බන්ධතාවය ලබාදීම මඟහැරී තිබුණි.

මේ පිළිබඳව දැනුවත්වූ පසු, පින්තූරය ඔස්සේ අදාල පිටුවට පිවිසෙන්නට උත්සාහ කිරීමේදී ඔබ පත්වන්නට ඇති අපහසුතාවය පිළිබඳ සිතා කණගාටුවට පත්වුණෙමි.

නමුත් එම අතපසුවීම දැන් නිවැරදි කර ඇති බැවින් අදාල ලිපිය කියවීමට අවස්ථාවක් නොලද සැමට එම ලිපිය කියවීමට ඉඩ ප්‍රස්ථාව සැලසී ඇතිබැව් සතුටින් දන්වා සිටිමි.

ගියවර ලිපියට මෙතැනින් පිවිසිය හැක

No comments:

Post a Comment